Published
ඇත් දළ යුගලක් ත්රීරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය, මන්නාරම් පාර, වයි හංදිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, උතුරුමැද පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සහ පුදුකුඩුඉරිප්පු ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
අඩි 04කට ආසන්න දිගකින් යුත් ඇත් දළ යුගල සහ ඒවා ප්රවාහනය කරමින් තිබූ ත්රී රෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් නඩු භාණ්ඩ සමග මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




