මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අදයි.
එම සදහම් පාද චාරිකාව අද දිනයේ ආරම්භ වුයේ මල්වානේගම, පණ්ඩුකාභය භාවනා මධ්‍යස්ථානයෙන්. ඒ අනුව “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සත්දින සදහම් පාද චාරිකාවේ දෙවන දිනය අද ගල්ගමුව, උපතිස්සාරාම විහාරස්ථානයෙන් අවසන් වනවා.
ඒ, පිළිබද තවත් තොරතුරු මිණිපුර අමාශාන්ති තපෝවනය වෙනුවෙන් සචිල ජයසිංහගෙන්.
මේ අතර හෙට පෙරවරු 6:30ට චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාව ගල්ගමුව, උපතිස්සාරාම විහාරස්ථානයෙන් පිටත් වීමටයි නියමිතව ඇත්තේ.
මාර්තු 11 වනදා පෙරවරු 6:30ට මෙම සඳහම් චාරිකාව දීගිතව සමිති ශාලාවෙන් පිටත් වන අතර මාර්තු 12 බ්‍රහස්පතින්දා පෙරවරු 6:30ට සඳහම් චාරිකාව මඩිතියවෙල පිරිවෙනෙන් පිටත් වීමට නියමිතයි.
මාර්තු 13 සිකුරාදා පෙරවරු 6:30ට චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාව නියඳුරුපොල, වර්ධනාරාමයෙන් පිටත් වීමටයි නියමිතව ඇත්තේ.
“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” සඳහම් චාරිකාවේ අවසාන වන්නේ මාර්තු 15 ඉරිදායි.
ඊට සමගාමීව රත්නපුර, පැල්වාඩිය මිණිපුර අමාශාන්ති තපෝවන සේනාසන පරිශ්‍රයේදී ලේ දන් දීමේ පිංකමක් ද සංවිධාන කර තිබෙනවා.



