පුද්ගලයින් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වා තිබෙනවා.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම මෙහිදී නිල වශයෙන් ආරම්භ කළා.

මෙහි අරමුණ වන්නේ සියලු‍ ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම යළි තහවුරු කිරීම සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමයි.

මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුම එළිදක්වන ලද්දේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේයි.

ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් සඳහා උපායමාර්ගික මඟපෙන්වීම, සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය සඳහා වගකියනු ලබන ජාතික බහු-පාර්ශවීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මෙමගින් සිදුවනු ඇති.

ඒ අනුව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම සකස් කර තිබෙනවා.