මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ පූජ්‍ය වලවා හැගුණ වැවේ ධම්මරතන හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාතෘකාව යටතේ තමන් වහන්සේට එල්ල වන විවිධ අපහාස වලට එරෙහිවයි.

මේක පෞද්ගලික අමනාපයක් ඕන්තරයක් නෙවෙයි.මේ අය පෞද්ගලික අමනාපයක් ඕන්තරයක් හැටියට මේක දකින්නේ. මේකඅපේ රටේ සිංහලට දෙමළට මුස්ලිම්ද මැලේ දෙනවා මේක අපේ රට මේ රට තවත් අවුරුදු දහස් ගාණක් තිබිය යුතුයි. ඒ වගේ මේ වගේ වගේ මේ වගේ විෂමාචාර නිරාගමික යන මේ සංකල්ප වලින් බැහැර වෙච්චා මම අමුතුවෙන් කියන්න අවුරුද්දකට ඉස්සෙල්ලා අවුරුදු එකහමාරකට ඔය කතන්දර මං ඔක්කොම කිව්වා. ඉස්සෙල්ලා මේ අද වෙන දේ මම කිව්වා. එදාත් ගැහුවා අදත් ගහනවා ගහන්න පුළුවන් තරම් ගහන්න අපි රටේ මිනිස්සු වෙනුවෙන් අපේ කාර්යභාරය ඉටු කරනවා. මොන දේ කෙරුවත් ප්‍රශ්නයක් නැත. මේවා තේරුම් යන්නේ පස්සේ. 

මිහින්තලේ වන වාරියා ලෙස අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

මාධ්‍යවේදියා -

රජයේ ප්‍රබල ඇමතිවරයෙක් විශේෂයෙන්ම කියනවානම් ලාල් කාන්ත ඇමතිවරයා භික්ෂූන් වහන්සේ නමකට මිහින්තලයේ නායක හාමුදුරුවන්ට තමයි ඒ චෝදනාව කළේ කියලා පැහැදිලිත් වෙනවා. වනචාරියා කියලා කතා කරනවා ප්‍රසිද්ධියේම ඔබතුමාලගේ ස්ථාවරය මොකක්ද ඔබතුමාලා අනුමත කරනවද ඒ ආකාරයෙන් මහා සංඝරත්නය එහි නමකට එහෙම කතා කිරීම විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් ගෞරව සම්මානයක් හෝ විශේෂ උපහාරයකුත් ලබාදෙනවා ඔයිට කලින් මිහින්තලේ විහාරයේදී 

නලින්ද ඇමතිවරයා -

ලංකාන්ත ඇමතිතුමාවත් මම මමත් චෝදනාව කාටවත් කරල නෑනේ. එතුමා මිහින්තලේ වන  වනචාරියෙක් කියලා කිව්වා. එතුමා මිහින්තලේ තමයි එතුමගේ ගමත් අයිති වෙන්නේ ආසනයේ මිහින්තලේ හැත්තෑ පන්දහක් විතර ඡන්දදායකයොත් ඉන්නවා මිහින්තලේ ආසනේ කවුරුත් කිව්වේ නෑ මෙයා තමයි කියලා. ඔබතමයි කියන්නේ. අහවල් හාමුදුරුවෝන්ට තමයි කිව්වේ කියලා. ලාල්කාන්ත හැමතිතුමා කියන්නෙත් නෑ අපි කියන්නෙත් නෑ. ඔබ කොහොමද එක සැරේම කියන්නේ ලාල් කාන්ත ඇමතිතුමා උන්වහන්සේටමයි කිව්වේ කියලා. අනික ලාල්කාන්ත ඇමතිතුමා හම්බවෙච්ච වෙලාවක අහන්න හැත්ත පන්දහකට සහ දාහටට වැඩි පුරවැසියෝ ඉන්න ආසනයක කවුරු වන චරියාව වෙනවද කියන එක මම නම් දන්නෑ. ඔබ දන්නවානම් ඔබ තමයි කියන්න ඕන මේ අහවල් කෙනාට කියන්නේ කියලා.