නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි ඒවා සොයාගෙන ඇත්තේ.

ඒ අනුව මුහුදේ පාවෙමින් තිබූ උර නවයක තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය දහසයක පමණ තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදා පැවසුවේ.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් ඒවා මුහුදේ අතහැර දමා පලා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිය භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.