වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්තාපනය වෙමින් සිටි රැඳවියෙකු මුවෙකු ඇණීම හේතුවෙන් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එම කදවුර භූමියේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී සිටි අවස්ථාවේ කදවුරු භූමියේ නිදැල්ලේ සිටි මුවෙකු එලෙස රැදවියාට ඇණ ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ රැදවියා දෙඹරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 30 ක් වන ඔහු වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.