මේ වසරේ මුල් මාස 2 තුළ රැකියා සඳහා විදේශ ගතවී සිටින ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය 2025 වසරට සාපේක්ෂව සියයට 32කින් ඉහළ ගොස් තිබෙනවා. 2026 වසරේ මුල් මාස 2 තුළ විදේශ ගත ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1,480.1 හෙවත් ඩොලර් බිලියන 1.4 ක මුදලක් මෙරටට එවා ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
2025 වර්ෂයේ මුල් මාස 2 තුල ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,121 ක් වනවා.
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 729ක් මෙරටට එවා තිබෙනවා.
2025 වර්ෂයේ පෙබරවාරි මස ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 548.1 ක්.
ඒ අනුව 2025 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2026 වසරේ පෙබරවාරි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම්වල කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
මේ අතර, මේ වසරේ මුල් මාස 2 තුළ ශ්‍රී ලාංකිකයින් 47,819 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.
මාර්තු මාසයේ 01 සිට 09 දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3,241 දෙනෙකු කාර්යාංශ ලියාපදිංචිය ලබාගෙන ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.




