මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන හය ලක්‍ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ජනවාරි පළමු වනදා සිට මාර්තු මස 11 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් හය ලක්‍ෂ 23,651 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

මාර්තු පළමු වනදා සිට 11 වනදා දක්වා කාලය තුළදී පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 66,996 ක්.

ඉකුත් ජනවාරි මාසයේදි සංචාරකයින් දෙලක්‍ෂ 77,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඉකුත් පෙබරවාරි මාසයේදි සංචාරකයින් දෙලක්‍ෂ 79,328 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල දැක්වෙන්නේ.

ඉකුත් පෙබරවාරි මාසයේදි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්‍ෂව සියයට 16 යි දශම දෙකක වර්ධනයක්.