මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද රාත්‍රී 8.20 ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවන්හලකට එල්ල වූ මෙම වෙඩි තැබීමේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ අවන්හල් හිමියා බව පැවසෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පසුව ඔවුන් පැමිණි මෝටර් රථය වෙනත් ස්ථානයක අතහැර පලාගොස් ඇති බවද වාර්තා වුණා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අවන්හල්  හිමිකරුවා ඇතුළත් කර ඇත්තේ  කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.