Published
මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අදාල සමාගම විසින් ඊට අදාල මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.
මේ අතර ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.




