Published
මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාවරයා පැවසුවේ.
වාර්ෂිකව මෙරට සිදුවන රිය අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරු බැවින් එය අවම කිරීම සඳහා මෙම විශේෂ මංතීරුව හඳුන්වා දෙන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.




