බණ්ඩාරවෙල, කොන්තහෙල ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක් ඉන් ඇදවැටි ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොන්තහෙල මාර්ගයේ බාධක ලෙස යොදා තිබූ බම්පරයක් මතින් එම යතුරුපැදිය ගමන් කිරීමේදී අදාළ කාන්තාව එලෙස ඇදවැටී ඇති බවයි.

එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පසුපැදිකාරිණිය ලෙස ගමන් ගත් එම කාන්තාව බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ.