ඉදිරි යල කන්නයේ පොහොර සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බව වගකිව යුතු පාර්ශව සහතික කර ඇති බැවින් අනවශ්‍ය ලෙස පොහොර තොග රැස් කර ගැනීමෙන් වලකින ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාදීම ගොවිජන සේව මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා.