Published
පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ අද උදැසන යාපනය නුවර ප්රධාන මාර්ගයේ ස්ථාන රැසක් හා වවුනියාව දිස්ත්රික්කය මීදුමෙන් වැසීගොස් තිබෙනවා.
යාපනය නුවර ප්රධාන මාර්ගයේ ඊරට්ටපෙරියකුලම,තාණ්ඩිකුලම,ඕමන්ත,පුලියන්කුලම ප්රදේශවලින් මාර්ගය මීදුමෙන් වැසී ගොස් තිබු අතර,වවුනියාව දිස්ත්රික්කයේ ගම්මාන රැසක්ද මීදුමෙන් වැසී ගොස් තිබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
පසුගිය දින කිහිපයේ උතුරු පළාතට වැසි තත්වයක් පැවති අතර අද උදැසන සිට මීදුම තත්වයක් දැක ගැනීමට හැකිවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
වවුනියාව රථවාහන පොලිසිය පැවසූවේ යාපනය නුවර ප්රධාන මාර්ගයේ මීදුම පවතින බැවින් රිය ධාවනය පරීක්ෂාකාරීව සිදුකරන ලෙසයි.





