Published
මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඕනෑම හදිසි තත්ත්වයකදී තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
එමෙන්ම තේ නිෂ්පාදනය අඩු නොකිරීමටත්, අලෙවි කරගත නොහැකි වන තේ තොග ගබඩා කර තබා පසුව වෙළඳපොළට නිකුත් කිරීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
තේ කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම සහ ඊට ගත යුතු විසදුම් සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලධාරීන් ඇතුළු ක්ෂේත්රයේ නියෝජනය කරන කණ්ඩායම් අතර පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා.




