යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද මේ දිනවල දැඩි කතා බහක් මතුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ අනිවාර්යයෙන්ම මෙම වසර තුළදී යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවයි.

එවන් පසුබිමක් තුළ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධ්‍යාපනයට සම්බන්ධ සියලු සංවිධාන ඊයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පැවැත් වූවා.

එහිදී ඔවුන් කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර විද්වතුන්ගෙන් අදහස් ලබා ගැනීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බවයි.

මේ, එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා.

එම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේ පාසල් දරුවන් ගැන සිතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර අධ්‍යාපනයට සම්බන්ධ සියලු නියෝජිතයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමයේ සභාපති නාලක ද සිල්වා මහතා ද යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

මෙම වසර අවසන් වීමට පෙර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.