Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට අභියාචනාධිකරණයට පැමිණ සිටිනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ”කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට සහභාගී වීම සඳහා ඔහු අභියාචනාධිකරණයට එලෙස පැමිණ ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එම පෙත්සම අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනීමට නියමිතයි.




