Published
රක්වාන උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැර සඳහා රැගෙන විත් සිටි අලියෙකු කුලප්පු වී කළ පහරදීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
පෙරහැර පෙරේදා රාත්රී පැවැත්වුණා.
අනතුරුව අලියා රැගෙන යාමට අද උදෑසන ලොරිය පැමිණ තිබූ අවස්ථාවේ අලියාට වතුර පෙවීම සඳහා රැගෙන යාමට කටයුතු කිරීමේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.




