Published
අද පෙරවරු 08.00 සිට දිවයින පුරා රෝහල් රැසක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වැඩ වර්ජනය පැය 48ක කාලයක් ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
කෙසේවෙතත් හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති.
එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.




