Published
රට පුරා සිදුකරන පොලිස් මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් තිව්‍ර කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා.
ඒ ඔස්සේ පුද්ගලයින් දසලක්ෂ තිස්දහසක් පරික්ෂා කල බවයි ඔහු පැවසුවේ.
අදාල මෙහෙයුම්වලින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රතු වරෙන්තු 103ක් සදහා විදේශයන්ගේ සහය ලබා ගැනීමට හැකිවී ඇති බවයි.
විවිධ අපරාධ කල්ලි අතර සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 44ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අනුබල දුන් පුද්ගලයන් 386ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.




