අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය ලෝකවාසී හින්දු ජනතාව හා එක්ව මෙරට හින්දු ජනතාවද මහත් බැතියෙන් යුතුව සමරමින් සිටිනවා.
දිවයිනේ සෑම ප්රදේශයකම පාහේ පිහිටා ඇති හින්දු කෝවිල්වල අද උදෑසන කාලයේ සිට පුද පූජා පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
උතුරු පළාතේ තෛපොංගල් සැමරුම් පිළිබද තොරතුරු වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.
වතුකරයේ හින්දු ජනතාවද තෛපොංගල් උත්සවය මහත් බැතියෙන් යුතුව සමරමින් සිටින බවයි හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.
බදුල්ල නගරයේ තෛපොංගල් සැමරුම් පිළිබද මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියංශගෙන්.
මේ අතර තෛපොංගල් දිනය නිමිත්තෙන් අද දිනයේ බන්ධනාගාර තුළ ද විශේෂ වැඩසටහන් පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දෙමළ රැඳවියන් වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් ක්රියාත්මකයි.
එමෙන්ම සියලු රැඳවියන්ට බන්ධනාගාර තුළ දී අද සිය පවුලේ සමීපතමයන් හමුවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එම අවස්ථාව පස්වරු 4 දක්වා ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.




