“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරන මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී සැකකරුවන් 737 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ, දිවයින පුරා සිදුකළ වැටලීම් 740කට අදාළවයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 02ක්.

සැකකරුවන් 15 දෙනෙකුට අදාළව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම මෙහෙයුම් මගින් සැකකරුවන් දෙදෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.