Published
විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 65 දෙනෙකු මේ වන විට දිවයිනට රැගෙනවිත් ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රටවල්වලට වෙනස්වීම හේතුවෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් නැමැත්තා ගෙන්වීමට ප්‍රමාද වූ බවයි.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සහභාගී වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ විඩියෝව පහතින්




