Published
මඩවල නගරයේ හෝටලයක සැක සහිත ලෙස නවාතැන් ගෙන සිටියදී රත්රන් සහ රුපියල් එක්කෝටි හැට නව ලක්‍ෂයක මුදල් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ලබන 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට පොලීසිය විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.
ඔවුන් සන්තකයේ තිබී රත්‍රන් කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 930 ක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබුවේ.
කෙසේවෙතත් එම රත්රන් සදහා කිසිදු නීත්‍යානුකූල බිල්පත්, මිලදී ගත් බවට සදහන් ලේඛන සහ රුපියල් එක්කෝටි හැට නව ලක්‍ෂයක මුදලක් උපයා ගත් ආකාරය සහ ඔවුන් කොළඹ සිට මහනුවර ප්‍රදේශයට පැමිණි හේතුව සනාථ කිරීමට සැකකරුවන් අපොහොසත් වු බවයි වත්තේගම පොලිසිය පැවසුවේ.




