ප්‍රමාද වන රස පරික්‍ෂක වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

බන්ධනාගාර තදබදය සහ රජයේ රස පරික්‍ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රස පරිෂක වාර්තා නොමැති ඇතැම් සැකකරුවන්ට වසර ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ.

එම ප්‍රශ්නයට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා.