රාජ්‍ය සේවයට අලුතෙන් 26,095ක් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම්. ඉන් 23,344ක්ම ගුරුවරුන්.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් මේ යටතේ සිදු වන බවයි.

මේ යටතේ තවත් බඳවා ගන්නා පිරිස් සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මෙතරම් පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනිමට අවශ්‍යමද?

මේ අතර, රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩපත් ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.