හෝමාගම, කොට්ටාව, මහරගම, බොරැල්ල හා වැල්ලම්පිටිය පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙදළසැල් බිද මුදල් හා දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පන්නිපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
දින 7ක රැදවුම් නියෝග ලබාගෙන ඔවුන් දෙදෙනාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 300 ක් සමග දෙල්දූව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිස් වසමේ රාත්‍රී කාලයේ වෙළදසැලක් බිද මුදල් හා දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට ඔහු අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
එම සැකකරුවන් විසින් සොරකම් කරන ලද පරිගණක, ජංගම දුරකතන ඇතුළු විද්්‍යුත් උපකරණ, වාහන බැටරි හා වාහන අමතර කොටස් ගැලවීම සදහා භාවිත කරනු ලැබූ යතුරු කට්ටලයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



