Published
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන “රාහුල නයිට් - 2025” අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එය සංගීතවත් කරන්නේ zz2Fourty2ZZ සංගීත කණ්ඩායමයි.
රාහුලයෙන් බිහිව, දැනට රටේ සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කරන ආදි රාහුලයන් ඇගයීමද එහිදී සිදු වනවා. “රාහුල නයිට්” මෙවර පැවැත්වෙන්නේ විදෙස් තානාපතිවරුන් ප්රමුඛ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්. කීර්තිමත් ආදි රාහුලයෙකු වන වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට සුවිශේෂී සම්මානයක් ප්රදානය කිරීමට ද රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය කටයුතු යොදා තිබෙනවා.




