Published
හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.
ඇය පැදවූ මෝටර් රථය බියගම සිය නිවස පිහිටි ඉඩමට ඇතුල් කිරීමේදී කැළණිය දෙස සිට ධාවනය වූ තවත් මෝටර් රථයක් එහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
අනතුර සිදුකළ මෝටර් රථය පැදවූ රියදුරා බීමතින් සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකාර රියදුරා බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.




