හලාවත - කුමාරකට්ටුව සහ පුත්තලම - මැල්ලන්කුලම ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කල්පිටිය දිසා රෝහලට අයත් ගිලන් රථයක් පුත්තලම - මැල්ලන්කුලම ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් එක් අනතුරක් සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයෙක්.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. අදාළ ගිලන් රථයේ රියදුරුද ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, හලාවත - ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අනෙක් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවා.

එම අනතුරෙන් මියගොස් ඇත්තේ බංගදෙණිය - කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.