රිය අනතුරු වළක්වා ගැනීම සදහා මෙම වසර තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

රථවාහන හා මාර්ග ආරක්‍ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පැවසුවේ මෙම වසර තුළ රිය අනතුරු සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු ගැනීම පොලිස් දෙපාර්තමේන්තුවෙ අරමුණ වන බවයි.

බීමත් රියදුරන් සහ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩිකර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සදහන් කළා.

අවිනීත රියදුරන් සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියා.