ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කරනු ලැබුවේ පවතින නීති ක්‍රමවේදයට අනුකූලව බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම බහාලුම්වල ආනයනික භාණ්ඩ පමණක් තිබූ බවත් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ කිසිවක් නොතිබූ බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

ආනයනය කළ අදාළ බහාලුම්වල අන්තර්ගත වූයේ මොනවාද?

රේගුවෙන් නිදහස් කළ අදාළ බහාලු‍ම් පරික්‍ෂා කර මුදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කරුණු පැහැදිලි කළා.