ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින බී.වයි.ඩී. විදුලි වාහන මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. ඒ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එහිදී පෙත්සංකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා. අදාල වාහන බැංකු බැඳුම්කරයක් මත මුදා හැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997 ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළා. එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද කිලෝ වොට් 150 ක්ද යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරු දෙදෙනෙකු සහ බී.වයි.ඩී. සමාගමේ ඉංජිනේරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු පැවසුවා. එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06 ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තර කරුවන්ට උපදෙස් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව අදාල පෙත්සම යලි මේ මස 07 වන දා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළා රේගුව භාරයේ පවතින අතර මෙම වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල ඉංජිනේරු විශේෂඥයින් ලබා දුන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළා. විශේෂඥ වාර්තා සලකා බැලීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ඒ අනුව මෙම පෙත්සම අනිද්දා කැඳවන ලෙසත් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පිළිතුරු මඩුල්ල මෙම පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවීමට නියම කළා. ජෝන් කීල්ස් සී.ජී.ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
Published