කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ එක්දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. සාමාන්‍යයෙන් බාහිර සහ සායනික අංශවලින් සේවා ලබාගැනීම සදහා දෛනිකව රෝගීන් 2,500ට වැඩි පිරිසක් පැමිණෙන බවයි වාර්තා වුණේ.
ඒ අනුව අද දිනයේදී විශාල රෝගීන් පිරිසක් කොළඹ ජාතික අක්‍ෂි රෝහල වෙත පැමිණ තිබෙනවා.
එලෙස පැමිණි රෝගීන්ගෙන් කිහිපදෙනෙකු වෛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරු අටට සිය වර්ජනය ආරම්භ කළේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින්.
ඒ අනුව අක්‍ෂි රෝහලේ බාහිර රෝගී අංශයේ සහ අක්‍ෂි සායන අංශයේ සේවාවන් සම්පුර්ණයෙන්ම නතර කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
කෙසේවෙතත් පෙරවරු හතේ සිට පෙරවරු අට දක්වා කාලය තුළ රෝගී සත්කාරක සේවා සිදුකළ බවද එම සංගමය පැවසුවා.
එමෙන්ම හදිසි ප්‍රතිකාර සේවා බාධාවකින් තොරව සිදුකරන බවද එම සංගමය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට දිනයේ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.




