උදෑසන රේඩියෝ වැඩසටහන්වල අලුත් වෙනසක් නෙත් එෆ් එම් රේඩියෝවෙන් අද සිට ආරම්භ කරනවා.

ශ්‍රාවක ජනතාවගේ ඉල්ලීම සහ නවතම සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵලයක් ලෙස උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව එලෙස නව වැඩසටහන ආරම්භ කෙරෙනවා.

ඒ තුළින් පේනෙ දේට එහා යමින් නොපෙනෙන මානයේ කරුණු ඔබ වෙත ගෙන ඒමට නෙත් එෆ් එම් රේඩියෝව මේ වනවිටත් සූදානම්.

ඒ අනුව ශ්‍රී ලාංකීය රේඩියෝ ශ්‍රාවකයින් විශාල පිරිසකගෙ පළමු තේරීම වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගලේ නව දිගුවක් තව සුළු මොහොතකින් ශ්‍රාවක ඔබට ශ්‍රවණය කළ හැකියි.

උදෑසන රේඩියෝ වංශකතාව තුළ සිදුවන නවතම වෙනස පිළිබඳ තොරතුරු නෙත් එෆ් එම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ජූඩ් ලියනගේ මහතාගෙන්.