Published
ලාදුරු රෝගය වැළඳුණු නව රෝගීන් 1,282ක් පසුගිය වසරේ වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යසෝමා වීරසේකර මහත්මිය පැවසුවේ එම නව රෝගීන්ගෙන් 123 දෙනෙකු අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවයි.
ලාදුරු රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද? මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය චතුරාර්ය සිරිවර්ධන මහතා.
ලෝක ලාදුරු දිනය අදට (25) යෙදී තිබෙනවා. “අත්වැල් බැඳ ගනිමු - ලාදුරු දුරලමු” මෙවර එහි තේමාවයි.




