පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර දී සිදුවීමට ගිය දුම්රිය අනතුරක් ප්‍රදේශවාසියෙකු ගත් ක්ෂණික ක්‍රියාමාර්ගයක් හේතුවෙන් වැළකී ගියා.

පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර මුහුදුබඩ මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක පීල්ලක් කැඩී ගොස් තිබෙනු දුටු එම පුද්ගලයා රෙදි වැලක වනා තිබූ රතු පැහැති ගවුමකින් අනතුරු ඇගවීමේ සංඥාවක් පෙන්වා ඒ වන විට අදාළ ස්ථානයට ළඟා වෙමින් තිබූ සාගරිකා දුම්රිය නතර කිරීමට සමත් වී තිබෙනවා.

එසේ නොවුනේ නම් එම දුම්රිය පීලි පැනීමකට ලක්ව අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

දුම්රිය නවත්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මෙම සිද්ධියෙන් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් අද එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ද ගොස් තිබුණා. එම නිරීක්ෂණවලින් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.