පුද්ගලයින් 241 දෙනෙකුට මරු කැඳවූ අහමදාබාද් ගුවන් අනතුර සමස්ථ ලෝකයම කම්පාවට පත් කළ සිදුවීමක්.

ලොව ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය ලෙස සැලකෙන්නේ ගුවන් ගමන් වුවත් මෑත කාලීන බිහිසුණු ගුවන් අනතුරු කිහිපයක් වාර්තා වුණා.

ඒ අතරින් ඉන්දියාවේ ඊයේ සිදු වූ ගුවන් අනතුර ද ලොව බිහිසුණුම ගුවන් අනතුරු අතරට අයත් වනවා.

අද වන විට ලෝකයම කතා කරන අහමදාබාද් ගුවන් අනතුර අද නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනේදී අදහස් දැක්වූ මෙරට ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන එල්මෝ ජයවර්ධන මහතා.

මේ අතර මගීන් 242 දෙනෙකු රැගෙන ගිය මෙම ගුවන් යානයේ සිටි එක් ගුවන් මගියෙකු පමණක් දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැමුන් ප්‍රශ්න කරන්නේ අනතුරට ලක් වූ ගුවන් යානයක සිටි අයෙකුට එලෙස දිවි බේරාගත හැකිද යන්නයි.

ඒ සම්බන්ධයෙන් ද නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු එල්මෝ ජයවර්ධන මහතා අදහස් පළ කළා.

මෙම ගුවන් අනතුර පිළිබඳ තවත් තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.