Published
ලෝක ඕසෝන් දිනය අදයි.
"ඕසෝන් පටලය සුරකිමු - ජීවය සුරකිමු" යන්න මෙවර එහි තේමාවයි.
මේ අතර ඕසෝන් පටලයට හානි වන රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
වායුගෝලයේ ඇති ඕසෝන් පටලය මගින් සූර්යයාගෙන් නිකුත් වන අන්තරායකර පාරජම්බුල කිරණ පෘථිවියට පතිත වීම වැළැක්වීම සිදුවන අතර, එය සුරක්ෂිත කර ගැනීම පරිසර පද්ධතියේ පැවැත්මට අත්‍යවශ්‍ය වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.



