දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාවේ ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ගොඩනැගිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්යභාරය ද ඔහු අවධාරණය කර තිබෙනවා.

බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව මෑතකදී දේශපාලනයට සම්බන්ධ වී ඇති අතර, නොසන්සුන්තාව සහ රජයේ වෙනස්කම් අත්විඳ ඇති බවත්, අන්තවාදී කොටස් සමහර විට මෙම කුමන්ත්‍රණ අවුස්සන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් වැඩි දුරටත් සදහාන් කර තිබෙනවා.

මෙම ගැටළු විසඳීම සඳහා අන්තවාදයට එරෙහිව සටන් කිරීමට, දේශපාලන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සාමූහික උත්සාහයක් අවශ්‍ය බව වැඩි දුරටත් පවසා සිටියා.