ඉතා සුක්ෂම ලෙස වගුරු බිමක සඟවා තීබූ T56 ගිණි අවියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්අඩි කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් කරදියනාරු කොඩුවාමඩු පාලම අසල කැලෑබද ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදීයි.

එම ගිනි අවිය වැඩිදුර විමර්ශන සදහා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාර දී දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.