Published
වත්තල, දූව වත්ත ප්රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සදහා සිය භටයින් 13 දෙනෙකු සමග ගිනි නිවීම් රථ 3 ක් එම ස්ථානයට යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.
වැලිසර නාවික හමුදා කදවුරේ ගිනි නිවීම් රථයක්ද එම ස්ථානයට කැඳවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.




