Published
වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන පරිශ්‍රයක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
කසළ ගොඩක හටගත් ගින්න පසුව ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
අවට ප්‍රදේශවලට ගින්න පැතිර යාමට තිබූ අවදානම සලකා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථයක් හා නිලධාරින් 09 දෙනෙකු එම ස්ථානයට පිටත් කර හැරීමටයි කටයුතු කර තිබුණේ.
මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර ගින්නෙන් කිසිදු හානියක් සිදුව නැහැ.




