නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති හත් ලක්‍ෂ 44,500 ක තොගයක් වත්තලදී සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.