නිවසේ ඇති වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කිරීමේදී විදුලි සැර වැදුණු දොළොස් හැවිරිදි  පාසල් සිසුවෙක් ඊයේ (14) රාත්‍රී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කින්නියා පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචි කාකමුණේ රජයේ මිශ්‍ර පාසලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන අබ්දුල් කාදර් සාදික් නැමැති සිසුවාය.

වතුර මෝටරය ක්‍රියාත්මක කරද්දී  අක්‍රීය වීම නිසා එය පරීක්ෂා කිරීමේදී සිසුවාට විදුලි සැර වැදි ඇති බව මූලික පොලිස්ප රීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ කින්නියා පොලිස් ස්ථානාධිපති ඩබ්.එච්.සී.කේ.ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විම සඳහා මළ සිරුර ත්‍රිකුණාමල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.