දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කළා.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.