මෙම වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පිලි පැනීම් 71ක් වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මගී ධාවනය සිදුවන දුම්රිය මාර්ගවල පීලි පැනීම් 36ක් සහ දුම්රිය අංගනවල පීලි පැනීම් 35ක් එලෙස සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉකුත් 2024 වසරේදී වාර්තා වී ඇති දුම්රිය පීලි පැනීම් සංඛ්‍යාව 101ක්. 2023 වසරේදී දුම්රිය පීලි පැනීම් 139ක් වාර්තා වී ඇති අතර 2022 වසරේදී දුම්රිය පීලි පැනීම් 132ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණ කළා.