වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියක් ධාවනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියක ගැටී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ඔහු ගැටී ඇත්තේ බොරලැස්ස - කිරාගාර දුම්රිය හරස් මාර්ගයේ දි බවයි වෙන්නප්පුව පොලීසිය පැවසුවේ.

එහිදි ජීවිතක්‍ෂයට පත් ඔහු දංකොටුව - උතුරු ගෝනාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.