ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයකට එළඹ නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුව අනුව මෙතෙක් කටයුතු නොකලේ ඇයිද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.

 

වී ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.