ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද වසර 12 ක සිර දඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත් එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.
බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණා.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවයි.
ඒ අනුව එක් එක් චෝදනාවට වසර 06 බැගින් චෝදනා දෙක සඳහා වසර දොළහක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුවේ සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම වසර දොළහක සිර දඬුවම වසර 06 කින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා.
මෙසේ වරදකරු කෙරුණු නීතිඥවරිය 61 වන වියේ පසුවන දෙදරු මවක් බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා.




